පාකිස්ථානයේ රාවල්පින්ඩි ප්‍රාන්තයේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ, ඉකුත් 28 වැනි දා දිනය තුළ පමණක් එම ප්‍රාන්තයෙන් රෝගීන් 61 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

තව ද මේ වන විට ඩෙංගු මරණ 5ක් වාර්තා වීමත් සමඟ එම ප්‍රාන්තයේ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1,172 දක්වා ඉහළ ගොස් ඇති බව ද එම පුවත් වාර්තා සඳහන් කරනවා.

මේ අතර ඉකුත් අඟහරුවාදා, රාවල්පින්ඩි හි රජයේ රෝහල් තුනකට නව ඩෙංගු රෝගීන් 58 දෙනෙකු ඇතුළත් වීමත් සමග ඩෙංගු රෝගීන්ගේ සැලකිය යුතු වැඩිවීමක් වාර්තා වුණා.

අලුතින් ඇතුළත් වූ රෝගීන්ගෙන් බහුතරය චක් ජලාල්ඩින්, ලක්ඛාන්, ගුලිස්තාන් ජනපදය, පටුමග 4 පෙෂාවර් පාර, චක්ලාලා යෝජනා ක්‍රමය-III, චෞද්‍රි බොස්තාන් ඛාන් පාර, ඛන්නා ඩක්, අස්ගර් මාල් යෝජනා ක්‍රමය, ජාමියා මස්ජිඩ් පාර, ධෝකේ දලාල් වැනි විවිධ ප්‍රදේශවල අය බවයි එම මාධ්‍ය වාර්තා කරන්නේ.

source :- https://tinyurl.com/4c272nat

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here