
අද (30) උදෑසන මාතර නගරයේ මහානාම පාලමෙන් පුද්ගලයෙන් ගඟට පැන ඇති බව මාතර පොලිසිය පවසනවා.
හිරු ප්රවෘත්ති කළ විමසීමකදී පොලිසිය සඳහන් කළේ, එලෙස ගඟට පැන්න පුද්ගලයා යුද හමුදාව විසින් මහත් පරිශ්රමයකින් අනතුරුව බේරාගෙන රෝහල්ගත කළ බවයි.
මෙසේ ගඟට පැන ඇත්තේ පිරිමි පුද්ගලයෙක් බවත්, ඔහු මේ වනවිට මාතර මහ රෝහලේ ප්රතිකාර ගන්නා බවත්, පොලිසිය පවසනවා.

සියදිවි නසා ගැනීමේ අරමුණින් මෙම පුද්ගලයා ගඟට පැන ඇති බවට හෙළි වූ බවයි පොලිසිය සඳහන් කළේ.
source :- https://tinyurl.com/4mbydw7u







