පසුගියදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඇති වු ගැටළු සහගත තත්ත්වය හමුවේ අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ගත් තීරණයට එරෙහිව දෙමාපියන් විසින් මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.

එම උද්ඝෝෂණය සිදු කරන දෙමාපියන් පවසා සිටින්නේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙසයි.

2024 වසරට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය 15 වනදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,849 කදී පැවැත්විය. ඒ සඳහා විභග අපේක්ෂකයින් 323,879 දෙනෙකු සහභාගී විය.

කෙසේ වෙතත් 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු කොටසේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කළින් පිටවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුව මඟින් ඊයේ (29) ප්‍රකාශ කර සිටියේ ප්‍රශ්න තුනට අදාළ සියලුම සිසුන්ට සම්පූර්ණ ලකුණු ලබා දෙන ලෙසයි.

එමෙන්ම, නැවත විභාගය නොපැවැත්වීමටත් නියමිත පරිදි ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු සිදුකර සියළු දරුවන්ගේ ශිෂ්‍යත්ව ලකුණු හැකි ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

source :- https://tinyurl.com/yaryjkp7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here