ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරුණු සනත් ජයසූරිය මහතාගේ සේවය තවත් වසරකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

සනත් ජයසූරිය මහතාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පසුගියදා පත් කෙරුණේ ඉන්දියාව සහ එංගලන්තය සමඟ පැවැත්වුණු ක්‍රිකට් තරගාවලි සඳහාය.

සිල්වවුර්ඩ්ගෙන් පුරප්පාඩු වී ඇති එම තනතුර සඳහා සුදුසු අයෙක් පත් කරනතුරු සනත් ජයසූරිය තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කෙරුණි.

පසුව එම තරගාවලි දෙක නිම වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේ නවසීලන්තය සමඟ මේ වනවිට පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ද සනත් ජයසූරිය මහතාව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමටය.

එවන් පසුබිමක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පියවර ගෙන තිබුණේ සනත් ජයසූරිය මහතාගේ සේවය තවත් වසරකින් දීර්ඝ කිරීමටය.

source :- https://tinyurl.com/3jk9tz89

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here