සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොන්නම්පෙරුමගේ ධනුෂ් බුද්ධික නොහොත් “අංගොඩ ජිලේ” නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකි.

සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සහ මිලි ග්‍රෑම් 500ක් හා කේරළ ගංජා ග්‍රෑම් 51ක් තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

තවද මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපායාගන්නා ලද බවට සැකකෙරෙන රුපියල් 274,400ක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු තලංගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

source :- https://tinyurl.com/5p9sxb8x

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here