කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සොරාගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කල්පිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ මෙම පොලිස් කොස්තාපල්වරයා කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ රාජකාරිවල නිරතව සිටිය දීයි මෙම සොරකම සිදුකර තිබුණේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (27) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

source :- https://tinyurl.com/unbjzch7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here