මේ වනවිට වෙළෙඳපොළේ කුකුල් මස් සඳහා පවතින ඉල්ලුම විශාල ලෙස අඩු වී ඇති බව සමස්ත ලංකා කුඩා කර්මාන්ත හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

මෙසේ කුකුල් මස් ඉල්ලුම අඩු වීම නිසා ඉදිරි සති දෙකක කාලය තුළ දී කුකුල් මස් කිලෝවක මිල රුපියල් 100ත්, 150ත් අතර මුදලකින් අඩු විය හැකි බවයි එම සංගමය සඳහන් කරන්නේ.

කුකුල් මස් කිලෝවක සිල්ලර මිල මේ වන විට රුපියල් 1000ත්, 1100ත් අතර මිලක පවතින බවත්, ඉදිරි දෙසතියේ දී මෙම මිල රුපියල් 900ත් 850ත් අතර මිලක් දක්වා අඩු විය හැකි බවත්, සඳහන්.

එමෙන්ම එළඹෙන නත්තල් සමය වනවිට කුකුල් මස් ඉල්ලුම යම් ප්‍රමාණයකින් ඉහළ යා හැකි බැවින් යළිත් මිල ගණන් ඉහළ යා හැකි බවයි එම සංගමය සඳහන් කර ඇත්තේ.

මේ අතර, ඉල්ලුමට සරිලන සැපයුමක් නොතිබුණු නිසා බිත්තරයක මිල රුපියල් 50ත් රුපියල් 55ත් සීමාවේ පැවැති බවත්, මේ වන විට බිත්තරයක මිල රුපියල් 30 – 36 දක්වා පහත වැටී තිබෙන බවත්, ඔවුන් සඳහන් කරනවා.

එමෙන්ම නත්තල් සමය හා වර්ෂ අවසානය වන විට බිත්තර ඉල්ලුම යළිත් යම් ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවත්, මේ අනුව යළිත් සුළු මුදලකින් බිත්තර මිල ඉහළ යා හැකි බවත්, එම සංගමය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

source :- https://tinyurl.com/yk2khuej

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here