
නවසීලන්තවාසීන් වාර්තාගත අයුරින් සිය රට හැර යමින් සිටින බව එරට රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.
එරට රජයේ සංඛ්‍යා දත්ත පෙන්වා දෙන්නේ 2024 ජූනි 30 වනදායින් අවසන් වූ වර්ෂය තුළ පුද්ගලයින් 131,200 ක් නවසීලන්තය හැර ගොස් ඇති බවයි. ඉන් 80,174 ක් නවසීලන්ත ජාතිකයන් බව සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ විරැකියාව ඉහළ යාම, පොලී අනුපාත ඉහළ මට්ටමක පැවතීම වැනි කරුණු හේතුවෙන් නවසීලන්ත වැසියන් මෙලෙස සිය රට අතහැර යන බවයි.

මෙම සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණ ඔස්ට්‍රේලියාවට ගොස් තිබෙන බව සඳහන්.
ආර්ථික විද්‍යාඥයන් පවසන්නේ ලක්ෂ 53ක පමණ ජනගහනයක් වෙසෙන නවසීලන්තයෙන් මෙලෙස වැසියන් පිටව යාම හේතුවෙන් ඉදිරියේදී දැවැන්ත අර්බුද නිර්මාණය විය හැකි බවයි.
එමෙන්ම නවසීලන්තයේ පවතින ආර්ථික ගැටලු හේතුව විදෙස් ජාතිකයන් නවසීලන්තයට පැමිණීම පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.








