ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 77 වැනි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

ඔහු රංගනයෙන්, සහාය අධ්‍යක්ෂණයෙන් සහ ගීත රචනයෙන් මෙරට කලාවට විශාල සේවාවක් ඉටු කළා.

ඩබ්ලිව් .ජයසිරි විසින් පබැදින ලද ප්‍රථම ගීතය පටිගත වන්නේ 70′ දශකයේ මුල් භාගයේදීයි.. 1973 වසරේ සිට දාහකින් එකෙක්, දියමන්‍ති, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත් , සෙලීමා , චිට්ටි , අයෝමා ආදී චිත්‍රපටවලට ඔහු මුල් කාලීනව දායක වුණා.

එසේම ඉතින් ඊට පස්සේ, කූඹියෝ, රන් දම්වැල් ආදී ටෙලිනාට්‍යවලටත් ඔහු දායක වුණා.. මීට අමතරව ඔහු දුම්බරා හිනැහෙන්නේ(බඹරු ඇවිත්),ආදරයේ ඔබ ඔබමයි(බඹරු ඇවිත්) ආදී ප්‍රසිද්ධ ගීතද රචනා කර තිබෙනවා.

source :- https://tinyurl.com/bnehnbb4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here