පුද්ගලික ආයතනයක අලෙවි නියෝජිතයෙකු වශයෙන් සිට රුපියල් ලක්ෂ 108 කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශය කාර්යාලය සඳහන් කළේ අදාළ මුදල් වංචාවට සම්බන්ධ සැකකරු ඩුබායි සිට මෙරටට පැමිණිමේදී ඊයේ (19) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එක්ව කටුනායක ගුවන් තොටුපල ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 ක් වන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය වැඩිදුරටත් කියා සිටියා.

source :- https://tinyurl.com/4tx728hs

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here