
අද (19) දින අළුයම් කාලයේ රස්නායකපුර පොලිස් වසමේ නම්මුවාව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
ආපන ශාලාවක් තුළ ලේ ගලන තුවාල සහිතව පුද්ගලයෙකු වැටි සිටින බවට රස්නායකපුර පොලිසියට ලද පණිවිඩයක් අනුවයි පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන්නේ.
මෙම වෙඩිතැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර එසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 30ක් වූ නම්මුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය සම්බන්ධයෙන් නිකවැරටිය ගරු මහේස්ත්‍රාත්තුමා විසින් මහේස්ත්‍රාත් පරික්ෂණයක් පැවැත්වීමට නියමිත අතර.සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රස්නායකපුර පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
source :- https://tinyurl.com/s3aftrnz







