ගොඩකවෙල ගල්පල්යාය ප්‍රදේශයේ දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසු සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ගොඩකවෙල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 36 හැවිරිදි උඩුකුඹුර, හපුගස්තැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා සැකකරුගේ නිවස ආසන්නයට පැමිණ ආරවුලක් ඇති කරගෙන තිබේ.

එම අවස්ථාවේ දී සැකකරු විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර ඔහු එම අවස්ථාවේ දී බීමත්ව සිට ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගොඩකවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

source :- https://tinyurl.com/pdjw68ja

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here