ලෝක ප්‍රසිද්ධ ගායක සහ ගීත රචක 32 හැවිරිදි Charlie Puth ඔහුගේ පෙම්වතියවන Brooke Sansone සමග විවාහ වී තිබෙනවා.

ඔවුන් දෙදෙනා 2022 වසරේදී ප්‍රේම සබඳතාවය ආරම්භ කර ඇති අතර, වසරකට පමණ පසු ඔහු ඇයට විවාහ වීම සඳහා යෝජනා කර තිබෙන බවයි වාර්තා සඳහන් කරන්නේ.

ඉන් වසරකට පමණ පසුව ඔවුන්ගේ විවාහ උත්සවය පසුගිය සැප්තැම්බර් 7 වැනිදා පවත්වා තිබෙන බවටයි වාර්තා වෙන්නේ.

ඒ, කැලිෆෝනියාවේ මොන්ටෙසිටෝහි පිහිටි ඔහුගේ පවුලේ නිවසේදීයි.

වාර්තා සඳහන් කරන්නේ, මෙම විවාහ උත්සවය ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පමණක් සමරා තිබෙන බවයි.

See You Again, We Don’t Talk Anymore, Attention, One Call Away, Anyone ඇතුළු ගීත රැසක් සඳහා ඔහු ගායනයෙන් මෙන්ම ගීත රචනයෙන්ද දායක වී තිබෙනවා.

source :- https://tinyurl.com/mtyjmdh8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here