පාකිස්ථානයේ කරච්චි හි ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ බලධාරීන් විසින් ඉකුත් සෙනසුරාදා තවත් mpox ආසාදිත බවට සැක කෙරෙන රෝගියෙකු හඳුනාගෙන තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා අනුව සැකකාර රෝගියා සෞදි අරාබියේ ජෙඩා සිට පැමිණි ගුවන් යානයකින් පැමිණ ඇතැයි සඳහන්.

සංචාරකයෙකු වන එම පුද්ගලයාට mpox රෝගයට සමාන රෝග ලක්ෂණ පවතින බවටයි සෞඛ්‍ය අංශ අනාවරණ කර ඇත්තේ.

අතිරේක තක්සේරුව සහ රැකවරණය සඳහා සංචාරකයා සින්ද්හි රජය විසින් පාලනය කරන ලද රෝහලක හුදකලා වාට්ටුවකට යොමු කර තිබෙනවා.

මෙම සතිය මුලදී, පකිස්ථානයේ Khyber Pakhtunkhwa පළාතෙන් mpox ආසාදිත පස්වන රෝගියා වාර්තා වුණා.

33 හැවිරිදි වියේ පසුවන ඔහුද පෙෂාවර්, කයිබර් පක්තුන්ක්වා හි පදිංචිකරුවෙකු බව සඳහන්.

එම රෝගියා පකිස්තානයට පැමිණ ඇත්තේ සෞදියේ සිටයි.

source :- https://tinyurl.com/47p7fc3w

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here