2024 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් වූ බව අද (15) දහවල් විභාග දෙපාර්තමේන්තුවේ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවක එක්වෙමින් විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර සඳහන් කර තිබෙනවා.

මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 323,841ක් පෙනී සිටි අතර, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,849 කදී විභාගය පැවැත් වුණා.

ඒ, අනුව අද අවසන් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 40ක් තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම ප්‍රශ්නපත්‍ර ගැන නැවත විමසමින් දරුවන්ව පීඩාවට පත් නොකරන ලෙසද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර අද පැවති විභාගයේ දී දරුවෙකුට යම් ආසාධාරණයක් හෝ ගැටළුවක් ඇති වී ඇත්නම් ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දෙන ලෙස ද මේ වන තෙක් එවැනි අක්‍රමිකතාවයක් පිළිබඳව තොරතුරු වාර්තා වී නොමැති බවද ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.

source :- https://tinyurl.com/3ueyy6s6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here