නීතිවිරෝධී ලෙස රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා රන් කුඩු තොගයක් නීති විරෝධී ලෙස දිවයිනට රැනෙ ආ පුද්ගලයෙක් ඊයේ (13) කටු­නා­යක ගුවන් තොටු­පොළ පැමි­ණීමේ පර්ය­න්තයේ දී රේගු නිල­ධා­රින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, මීගමුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ව්‍යාපා­රි­ක­යෙක්.

ඔහු ඩුබායි සිට ඉන්දි­යාවේ මුම්බායි නුවර වෙත පැමිණ, එතැන් සිට මෙරටට පැමිණ තිබෙනවා.

ඔහුගේ ඉණ පටිය තුළ පැකට් ලෙස සකස් කර සඟ­වා­ගෙන මෙම රත්රන් කුඩු කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 460ක් රැගෙනවිත් ඇති බව සඳහන්.

මේ අතර, සයිප්‍රසයේ රැකියා ලබාදෙන බව පවසා තරුණයින් දස දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 60ක් ලබාගෙන හලාවත ප්‍රදේශයේ පදිංචි රැකියා නියෝජිත ආයතනයක හිමිකාරිනියක් ඊයේ කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

source :- https://tinyurl.com/473tmr6j

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here