පසුගිය දින තුනක කාලය තුළ නොකඩවා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා ප්‍රදේශයේ පිහිටි ටජ්මහල් මන්දිරයේ ප්‍රධාන ගෝලයේ ජල කාන්දුවක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම නිසා ටජ්මහල් පරිශ්‍රයේ උද්‍යානයක් ජලයෙන් යටවී ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

ටජ්මහලේ ප්‍රධාන ගෝලයේ කාන්දුවක් ඇති නමුත් ඉන් හානියක් නොමැති බවයි ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනයේ (ASI) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කර ඇත්තේ.

සංචාරක කර්මාන්තයේ සිය ගණනකට රැකියා ලබා දෙමින් ඔවුන්ගේ එකම බලාපොරොත්තුවවන ටජ්මහල් පරිශ්‍රය ගැන නිසි සැලකිල්ලක් දැක්විය යුතු බවයි සංචාරක මාර්ගෝපදේශකයන් පවසා තිබෙන්නේ.

එම පරිශ්‍රයේ එක් උද්‍යානයක් වැසි ජලයෙන් යටවී ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ බැවින් එය නැරඹීම සඳහා සංචාරකයින් විශාල පිරිසක් පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

source :- https://tinyurl.com/4dc668r3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here