සිඩ්නි බ්ලූ මවුන්ටන්ස් (Blue Mountains) ප්‍රදේශයේ නිවසක තිබී මියගිය දරුවන් දෙදෙනෙකුගේ සිරුරු හමුවී තිබේ.

ඕස්ට්‍රේලියා වේලාවෙන් අද දහවල් 12.40ට මෙම නිවසට පොලිසිය පැමිණ තිබුණේ කාන්තාවක සහ දරුවන් දෙදෙනකු මෙම නිවසේ අසාධ්‍ය තත්වයේ සිටින බවට තොරතුරු ලැබීම හේතුවෙනි.

එහිදී අවුරුදු නවය සහ එකොලොස් වියේ පසුවන පිරිමි ළමයින් දෙදෙනෙකු නිවස තුළ මියගොස් සිටියදී ඔවුන්ගේ ඥාතියෙකු විසින් සොයාගෙන ඇත.

එම නිවසේ සිටි 42 හැවිරිදි කාන්තාවක් පොලිස් ආරක්ෂාව යටතේ වෙස්ට්මඩ් රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඇය ස්ථාවර තත්ත්වයේ පසුවන බව සඳහන්ය.

දරුවන් දෙදෙනාගේ මරණවලට හේතුව සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මෙතෙක් සැක කටයුතු කිසිවක් වාර්තා වී නොමැති බව එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.

source :- https://tinyurl.com/429pz974

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here