එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව එම නෞකාවේ කපිතාන්වරයා සහ කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දී තිබෙන කට උත්තර වල පිටපත් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

අදාළ නෞකා අනතුර හේතුවෙන් පීඩාවට පත්වූවන්ට වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අගරදගරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ධීවර ප්‍රජාව ඇතුළු පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ විසින් මෙම දැනුම් දීම සිදු කළා.

source :- https://tinyurl.com/mvu7h5an

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here