
විදේශ රටවල මේ වන විට ව්‍යාප්තව තිබෙන “වඳුරු උණ ” හෙවත් ” එම්පොක්ස් ” වෛරස ආසාධිතයෙකු ඉන්දියාවෙන් සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම වාර්තා සඳහන් කර තිබෙන්නේ මෙම ආසාධිතයා Mopox පවතින රටවල සිට ඉන්දියාව පැමිණි අයෙකු බවයි. එම ආසාධිතයා මේ වනවිට නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුකළ බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසනවා.
එමෙන්ම එම ආසාධිතයා සමඟ සම්බන්ධතා පැවැත්වූවන් පිළිබඳව මේ වන විට සොයා බලා අවශ්‍ය සෞඛ්‍ය පිළිවෙත් ක්‍රියාත්මක කරන බව ඉන්දිය සෞඛ්‍ය අංශ මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

මන්කි පොක්ස් පළමු එන්නත් එන්නත් තොගය පසුගියදා කොංගෝ රාජ්‍යයට ලබා දී තිබෙනවා.
මෙලෙස කොංගෝ අගනුවර වෙත එන්නත් තොගය රැගෙන එනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය අප්‍රිකානු රටවල් 12 ක මන්කි පොක්ස් පැතිරීම ගෝලීය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් සති තුනකට පසුවයි.
source :- https://shorturl.at/B4K05








