
එක්සත් ජනපදයේ ජෝර්ජියාවේ තම පාසලේ සිසුන් දෙදෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ 14 හැවිරිදි සිසුවා වෙඩි තැබීමට පෙර ඔහුගේ මවට සමාව අයැද පණිවිඩයක් එවා තිබෙනවා.
”මට සමාවෙන්න අම්මා” ලෙස එහි සඳහන්ව ඇති අතර එම අවස්ථාවේ සිට අදාළ මව පාසලට දුරකථන ඇමතුම් ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පාසලින් එම ඇමතුම සඳහා ප්‍රතිචාර දක්වා නොමැති අතර අදාළ මව වහාම පාසල වෙත යෑමට පිටත්ව තිබෙනවා.

නමුත් ඇය පාසල වෙත යන විටත් අදාළ සිසුවා එම ඝාතනයන් සිදු කර අවසන් බවයි විදෙස් මාධ්‍ය වාර්ත කළේ.
දිගින් දිගටම සිසුවාගේ මව ලබා ගත් දුරකථන ඇමතුම්වලට පාසල විසින් සම්බන්ධ වීමෙන් පසු අදාළ සිසුවා නැවැත්වීමට පාසල් බලධාරීන් උත්සාහ ගෙන තිබුණද එම සියලු උත්සාහයන් අසාර්ථක වී ඇති බවද සඳහන්.
කෙසේ වෙතත් වෙඩි තැබීම සම්බන්ධයෙන් සිසුවා සහ ඔහුගේ පියා යන දෙදෙනාටම මිනීමැරුම් චෝදනා එල්ල වී තිබෙනවා.
බළධාරීන් පැවසුවේ පියා ඔහුට නත්තල් තෑග්ගක් ලෙස වෙඩි තැබීමට භාවිත කළ AR-15 වර්ගයේ රයිෆලය තෑගි කළ බවයි.
source :- t.ly/bQvRt








