සංක්‍රමණික පක්ෂි විශේෂ මෙරටට පැමිණීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

එය ලබන මාසයේ අවසානය දක්වාම සිදුවනු ඇති බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

මුහුදු වෙරළ ආශ්‍රිතව පිහිටා ඇති උස් ගොඩනැගිලිවල ගැටී එම පක්ෂීන් අනතුරට ලක්වීමේ සිද්ධීන් ද පසුගිය වසර වලදී වාර්තා වී තිබුණා.

ඒ අනුව රාත්‍රියේ දී අදාළ ගොඩනැගිලිවල මුහුද දෙසට වන්නට ඇති විදුලි පහන් නිවා දැමීමෙන් යම් තරමකට හෝ මෙම තත්වය මගහරවා ගත හැකි බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

source :- https://shorturl.at/1REG2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here