නව අගමැති ලෙස දක්ෂිණාංශික රිපබ්ලිකන් පක්ෂයේ මයිකල් බාර්නියර් පත් කිරීමට එරෙහිව ප්‍රංශය පුරා ලක්ෂයකට අධික ජනතාවක් වීථි බැස විරෝධතා පවත්වනවා.

ඊට එන්.පී.එෆ් පාක්ෂිකයන් විශාල පිරිසක්ද එක්ව සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පසුගියදා පැවති මැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් එන්.පී.එෆ් පක්ෂය මෙලෙස විරෝධතාවයේ නිරතවන්නේ තම අගමැති අපේක්ෂකයා ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

විරෝධතාවට වෘත්තීය සමිති රැසක්ද එක්ව සිටින බව සඳහන්.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් මයිකල් බාර්නියර් නව අගමැතිවරයා ලෙස තෝරාගනු ලැබුවේ දින 50කට අධික අන්තර්වාර පාලනයකින් පසුවයි.

පසුගියදා පැවති ඡන්ද විමසීමේදී එන්.පී.එෆ්. හෙවත් නව ජනතා පෙරමුණ ආසන 193 ක් දිනාගෙන තිබුණා.

මයිකල් බාර්නියර්ගේ දක්ෂිණාංශික රිපබ්ලිකන් පක්ෂය ලබාගෙන තිබුණේ ආසන 47 ක් පමණයි.

source :- t.ly/nf1s9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here