සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම – එංගලන්තය සමඟ පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනයවන අද (07) දින පළමු ඉනිමට ක්‍රීඩාකළ එංගලන්තය පන්දු වාර 69ක් අවසානයේ සියළුදෙනා දැවී ලකුණු 325ක් රැස් කර ගැනීමට සමත් වුණා.

එහිදී පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමේ Ollie Pope පන්දු 156කට ලකුණු 154ක්, Ben Duckett පන්දු 79කට ලකුණු 86 බැගින් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මිලාන් රත්නායක කඩුළු 03ක් සහ ළහිරු, විශ්ව සහ ධනංජය කඩුළු 02 බැගින් ලබාගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාවට පළමු ඉනිම සඳහා ලකුණු 326ක් ඉලක්කයක් හිමියි.

source :- https://shorturl.at/JyYpv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here