
මේ වසරේ ආසියාවට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුව ලෙසින් හැදින්වෙන යාගි සුළි කුණාටුව උතුරු වියට්නාමයට කඩාවැදී තිබෙනවා.
පැයට කිලෝමීටර් 234ක වේගයකින් සුළි කුණාටුව හමාගොස් ඇති අතර ඒ හේතුවෙන් වියට්නාමයේ වෙරළබඩ ප්‍රදේශවල 50,000කට ආසන්න පුද්ගලයින් පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මීට අමතරව එරට ගුවන් ගමන්වලටද මෙම සුළි කුණාටුවෙන් බලපෑම් එල්ලවී තිබෙනවා.

මෙම සුළි කුණාටුව මිට පෙර චීනයේ හයිනාන් ප්‍රදේශයට කඩා වැදුනු අතර එහිදී සිදුවූ බලපෑමෙන් පුද්ගලයන් තුන්දෙනෙකු මියගොස් 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සඳහන්.
source :- https://shorturl.at/Rdxl7








