තම මණ්ඩලය වෙත ප්‍රමාණවත් පරිදි ගොවීන් වී අස්වැන්න අලෙවි නොකරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම් සඳහා රුපියල් මිලියන හය දහසක මුදලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ අතර, ඉන් රුපියල් මිලියන 500 ක මුදලක් වී අලෙවි මණ්ඩලයට ලබාදී තිබෙනවා.

තම මණ්ඩලය සතු වී ගබඩා 36 සඳහා ගොවීන් අස්වැන්න අලෙවි කිරීමේ අඩුවක් පවතින බවයි වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම ආරම්භ කිරීමත් සමග පෞද්ගලික අංශය විසින් ඉහළ මිලකට වී මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බවද එම මණ්ඩලය කියා සිටියා.

source :- t.ly/E28FX

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here