ඊයෙ (05) රාත්‍රියේ යාපනය වඩුකොඩ්ඩෙයි පොලිස් වසමේ නිවසකට තියුණු ආයුධ ගත් කල්ලියක පහරදීමක් හේතුවෙන් එහි නිවැසියන් සහ ගම්වාසීන් පිරිසක් ආරක්ෂාව ඉල්ලා වඩුක්කොඩ්ඩෙයි පොලිස් ස්ථානය අසලට ගොස් තිබෙනවා.

වඩුක්කොඩ්ඩෙයි අදාල නිවසට ඊයේ දින නාදුන පුද්ගලයින් 06 දෙනෙකු පැමිණ නිවැසියන්ට පහරදීම හේතුවෙන් එක් කාන්තාවක් තුවල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී අදාල නිවැසියන්ගේ කෑ ගැසීම හේතුවෙන් අසල්වාසීන්ගේ පැමිණීමත් සමග පහරදීමට පැමිණි පිරිස් පලාගොස් ඇති අතර අදාල පහරදීමෙන් බියට පත් නිවසේ සෙසු සාමාජිකයින් සහ අසල්වසීන් රැසක් වඩුකොඩ්ඩෙයි පොලිස් ස්ථානය අසල මාර්ගයට පැමිණ තිබුනා.

එහිදී ගම්වාසීන් පොලීසියෙන් ඉල්ලා සිටියේ අදාල තියුණු ආයුධ ගත් පිරිස් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසටත් එසේ නොවන්නට තමන්ට නිවසට ගොස් සිටීමට නෙහැකි බවටත් තමන්ට කිසිදු ආරක්ෂාවක් නොමැති බවටත්ය.

අනතුරුව වඩුක්කොඩ්ඩෙයි පොලීසිය විසින් ගම්වාසීන් සමග සාකච්ඡ කොට ඊයේ රාත්‍රියේම විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබුවා.

ඒ, අනුව මේ වන විට අදාල පහරදීම සම්බන්ධයෙන් එක් අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වඩුක්කොඩ්ඩෙයි පොලීසි

source :- https://shorturl.at/VrU6e

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here