ජෝර්ජියාවේ උසස් පාසලක සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට චෝදනා ලැබූ 14 හැවිරිදි පිරිමි දරුවාගේ පියා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, අත්අඩංගුවට ගත් 54 හැවිරිදි කොලින් ග්‍රේට මනුෂ්‍ය ඝාතන චෝදනා සහ ළමයින්ට කෲරකම් කිරීම යන චෝදනා මීට පෙර එල්ල වී ඇති බව ජෝර්ජියා විමර්ශන කාර්යාංශය සඳහන් කරන්නේ.

බලධාරීන් ඔහුගේ පුතාට මිනීමැරුම් චෝදනා හතරක් එල්ල කර ඇති අතර, වැඩිහිටියෙකු ලෙස සලකා ඔහුට නඩු පැවරීමට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම ජෝර්ජියා විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත්තේ, පියාට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ සිය පුතාට ආයුධයක් සන්තකයේ තබා ගැනීමට ඉඩදීම යන්නයි.

සිය දරුවා තුවක්කුව ලබා ගත්තේ කෙසේද යන්න පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ද ඔහු ප්‍රතික්ෂේප කර ඇති බවයි වර්තා වෙන්නේ.

කෙසේ වෙතත්, මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් සිසුන් දෙදෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු මෙසේ මිය ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

source :- https://rb.gy/qet09m

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here