
නවසීලන්තයේ ආදිවාසී 8 වැනි මෞරි රජ කිරුළ පැලඳ ඇත්තේ හිටපු රජුගේ දියණිය යි.
27 හැවිරිදි “නා වයි හොනෝ” නම් ඇය හිටපු මෞරි රජුගේ බාළම දරුවා සහ එකම දියණිය බව සඳහන් වේ.
මෞරි ප්‍රධානීන්ගේ කවුන්සිලය විසින් ඇයව නව රැජින ලෙස තෝරාගෙන ඇත.

ඇය නවසීලන්තයේ ආදිවාසීන්ගේ රජ කිරුළ හිමි වූ දෙවන රැජින වන අතර පළමුවෙන් රැජිනක් ලෙස කිරුළ පැලඳ ඇත්තේ ඇයගේ මිත්තනිය බව සඳහන් වේ.
හෘද රෝගී තත්ත්වයක් මත රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී 69 හැවිරිදි හිටපු මෞරි රජු කින්ගි තුහෙයිටියා පසුගිය සතියේ අභාවප්‍රාප්ත විය.
ඒ අනුව ඔහුගේ දියණියව මෙලෙස රැජිණ ලෙස තෝරාපත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.
source :- https://shorturl.at/5QwzP








