නඩු දෙකකට පෙනී සිටීම සඳහා හිමිනමකගෙන් රුපියල් ලක්ෂ 44කට අධික මුදලක් ලබාගෙන නිසි පරිදි පෙනී නොසිටීම තුළින් නීතිඥවරුන්ගේ ආචාර ධර්ම උල්ලංඝනය කර තිබෙන බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය නීතිඥවරයෙක්ගේ නීතීඥභාවය අහෝසි කිරීමට ඊයේ (03) නියෝග කර තිබෙනවා.

එමෙන්ම ඔහු විසින් රුපියල් මිලියන තුනක වන්දියක් මාස තුනක් ඇතුළත පැමිණිලිකාර හිමිනම වෙත ගෙවිය යුතු බවට නියෝග කළේ අචල වෙංගප්පූලි, කුමුදුනි වික්‍රමසිංහ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා විසින්.

දිවුලපිටිය, වැල්ලව ප්‍රදේශයේ හිමි නමක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

source :- https://shorturl.at/1V9pe

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here