ත්‍රීපෝෂ නිෂ්පාදනය සදහා බඩ ඉරිඟු සහ සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 9,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 6,000ක්, සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 3,000ක් වශයෙන් සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගම් 2ක් වෙත ප්‍රදානය කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමි වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එම පත්‍රිකාව මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කර තිබුණේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්.

source :- https://shorturl.at/54cpo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here