දකුණු චීන මුහුදේදී චීනය සහ පිලිපීනය සතු වෙරළාරක්ෂක යාත්‍රා දෙකක් එකිනෙක ගැටීම සම්බන්ධයෙන් දෙරටේ බලධාරීන් එකිනෙකාට චෝදනා එල්ලකර ඇති බව සඳහන් ය.

පිලිපීන බලධාරීන් පවසන්නේ මුහුද මැද නැංගුරම් දා තිබූ සිය වෙරළාරක්ෂක යාත්‍රාවක චීන වෙරළාරක්ෂක යාත්‍රාවක් වුවමනාවෙන්ම හප්පා ඇති බවයි.

ඊයේ වාර්තා වූ එම ගැටුම, මතභේදයකට ලක්වී ඇති මෙම මුහුදු කලාපයේ සිදුවූ 5 වැනි ගැටුම්කාරී අවස්තාව ලෙස වාර්තා වෙයි.

“Sabina Shoal” ලෙස හැඳින්වෙන මෙම මුහුදු කලාපය ඛනිජ සම්පත්, බොර තෙල් සහ මත්ස්‍ය සම්පත් බහුල ප්‍රදේශයකි.

එබැවින් චීනය සහ පිලිපීනය යන රටවල් දෙකම එම කලාපය තමන් ට අයිති බව පවසයි.

එසේම දකුණු චීන මුහුදු කලාපය සඳහා බෲනායි, මැලේසියාව, තායිවානය, සහ වියට්නාමය ද අයිතිවාසිකම් කියයි.

නමුත් චීනය පවසන්නේ එම මුහුදු කලාපය තමන් සතු කලාපයක් බවයි.

ඒ හේතුවෙන් එම රටවල් සහ චීනය අතර මත ගැටුම් උත්සන්න වී තිබේ.

source :- https://shorturl.at/Krq80

Source :- https://shorturl.at/iQe5U

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here