
ඒ අද (03) මර්වින් සිල්වා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත ගම්පහ මහාධිකරණ විනිසුරු ඩබ්. කේ. ඩී. විජයරත්න මහතා ඉදිරියේ දී සලකා බැලුණු අවස්ථාවේදීයි.
ඒ, අනුව විත්තිකරුවන් වූ මර්වින් සිල්වා, ජයන්ත කබ්රාල් සහ නවීන් වීරකෝන් යන විත්තිකරුවන් තිදෙනාටම ඇප හිමිවිය.
මෙහිදී තිදෙනාගෙන් එක් එක් අය සඳහා රුපියල් ලක්ෂ 2ක මුදල් ඇපයක් මෙන්ම ලක්ෂ 50ක ශරීර ඇප පහක් මත ඔවුන් මුදාහැර ඇති අතර ඔවුන්ගේ විදේශ ගමන් ද තහනම් කර තිබෙනවා.

එමෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස විත්තිකරුවන්ට දැඩි ලෙස අවවාද කළ අතර සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද නියෝග කර ඇත.







