AliExpress

ඒ, අනුව ඔහු පවසන්නේ, රජය විසින් නව බද්දක් හඳුන්වා දී නොමැති බවත්, ඒ වෙනුවට තනි භාණ්ඩ ආනයනය සඳහා පවතින බදු ගණනය කිරීමේ ක්‍රමය සංශෝධනය කර ඇති බවයි.

මෙහි අරමුණ වන්නේ විනිවිදභාවය සහතික කිරීම සහ අනිසි භාවිතයන් වැළැක්වීමයි.

මීට පෙර, කිලෝග්‍රෑම් එකකට අඩු පාර්සල් සඳහා රුපියල් 800 ක ස්ථාවර බද්දක් යටතේ නිෂ්කාශනය කිරීමට හැකි වූ අතර, සමහර අවස්ථාවලදී, යම් වටිනාකමකට වඩා අඩු යැයි ප්‍රකාශිත භාණ්ඩ සඳහා කිසිදු බද්දක් පැනවා නොමැති බවත් ඔහු සඳහන් කළා.

නමුත්, ඉන්වොයිසි අවතක්සේරු කිරීම සහ බදු රහිත සීමාව අනිසි ලෙස භාවිතා කිරීම හරහා මෙම ක්‍රමය විශාල වශයෙන් අනිසි ලෙස භාවිතා කර ඇත.

එමෙන්ම සංශෝධිත ක්‍රමය යටතේ, දැන් රේගු බදු ගණනය කරනු ලබන්නේ පාර්සලයේ බර මත පමණක් නොව, නිෂ්පාදනයේ HS කේතය (Harmonized System Code) මත පදනම්වය. එමගින් භාණ්ඩයේ වර්ගය සහ ස්වභාවය පිළිබිඹු වේ.

මේ අතර අධ්‍යාපනික හෝ පර්යේෂණ උපකරණ සඳහා බදු පැනවීම සම්බන්ධයෙන් සිසුන් සහ පර්යේෂකයන් විසින් මතු කරන ලද ගැටලු නියෝජ්‍ය අමාත්‍ය අබේසිංහ පිළිගත් අතර එවැනි අවස්ථා තාවකාලික බවත්, අධ්‍යයන හා විද්‍යාත්මක භාණ්ඩ සඳහා නියාමන නිදහස් කිරීම් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here