ඇපල් iPhone 16 මාදිලියට හඳුන්වා දීමට නියමිත නවතම ජංගම දුරකථනය පිළිබඳව ඇපල් සමාගම ඊයේ (19) නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

මෙය A18 වේගවත් ක්‍රියාකාරිත්වය, 48MP 2-in-1 කැමරා පද්ධතියක් සහිත iPhone 16e ලෙස හඳුන්වා දීමට නියමිතයි.

එමෙන්ම ඇපල් සමාගම සඳහන් කරන්නේ පෙර හඳුන්වාදුන් ජංගම දුරකථන මෙන් නොව මෙම දුරකථනය පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට ලබා ගත හැකි බවයි.

මෙම ජංගම දුරකථනය කළු සහ සුදු වර්ණවලින් 128GB, 256GB සහ 512GB ගබඩා ධාරිතාවන්ගෙන් මිලදී ගත හැකිවන අතර, අමෙරිකානු ඩොලර් 599 සිට මිල ගණන් ආරම්භ වෙනවා.

ඒ අනුව, මෙය මිලදී ගැනීමේ පෙර ඇනවුම් හෙට (21) සිට ආරම්භවන අතර එළඹෙන 28 වැනිදා සිට එය නිල වශයෙන් මිලදී ගැනීමට හැකිවන බවයි එම සමගම නිවේදනය කර ඇත්තේ.

source :- https://tinyurl.com/y8wpaez5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here