යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින පුද්ගලයින් සියලු දෙනා නිදහස් කරන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට යළිත් වරක් නිර්දේශ කර තිබෙනවා.

ඒ, එහි මහකොමසාරිස් වොල්කර් ටර්ක් අගොස්තු 22 වැනිදා නිකුත් කළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ වාර්තාවකින්.

මේ වසරේ සැප්තැම්බර් 9 වැනිදා සිට ඔක්තෝබර් 9 වැනිදා දක්වා වු මසක කාලයක් තුළ රැස්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 57 වැනි සැසියට අදාළ වාර්තාවක් නිකුත් කෙරුණා.

එහි දක්වා ඇත්තේ, දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති සමයේ කළ මත්ද්‍රව්‍ය විරෝධී ‘යුක්තිය මෙහෙයුම’ අත්හිටුවන ලෙසටයි.

එමෙන් ම එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලයක් මේ වසරේ ජනවාරි 22 නිවේදනයක් නිකුත් කරමින් යුක්තිය මෙහෙයුම අත්හිටුවා එම මෙහෙයුම සමාලෝචනය කරන ලෙසත් ඇබ්බැහිවූවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සෞඛ්‍ය හා මානව හිමිකම් මත පදනම් වූ ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here