හෝටලයක පැවති සාදයක් අතරතුර හදිසි රෝගී තත්ත්වයක් නිසා තරුණයෙක් සහ තරුණියක අද (17) මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වත්තේගම, පල්ලේ ගුන්නෑපාන ප්‍රදේශයේ හෝටලයක් තුළ තරුණ තරුණියන් පිරිසකගේ සහභාගිත්වයෙන් සාදයක් පවත්වා තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

සතිඅන්තයේ පවත්වා ඇති සාදය අතරතුර රෝගී වූ තරුණියක සහ තරුණයෙකු අද (17) අලුයම් කාලයේ රෝහල් ගත කළ බවයි පැවසෙන්නේ.

ස්වසනාබාධයක් හේතුවෙන් මොවුන් රෝහල් ගත කෙරුනු බවයි වාර්තා වන්නේ.

දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණිය 23 හැවිරිදි වියේත් තරුණයා 25 හැවිරිදි අයකු බවයි පැවසෙන්නේ.

ඔවුන් පානය කළ යමක් විෂ වීමෙන් රෝගී වන්නට ඇති බවට සැක කරන බවයි රෝහල් ආරංචි මාරග පවසන්නේ.

මේ අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

වත්තේගම පොලිසිය මේ ගැන විමර්ශන සිදුකරනවා.

source :- https://tinyurl.com/33k4ynd4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here