වැලන්ටයින් දිනය සැමරීමට යාපනයට යාමට සිය පෙම්වතිය අකැමති වීමෙන් සිත්තැවුලට පත් කිළිනොච්චියේ තරුණයෙකු ඊයේ (12) ළිඳකට පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ කිළිනොච්චිය ධර්මපුරම් අම්බලපොක්කනෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි වර්ණකුලරාසා ප්‍රදීපන් නැමති තරුණයෙක්.

ඔහුගේ පෙම්වතියට මෙවර වැලන්ටයින් දිනය සැමරීම සඳහා තමන් සමග යාපනයේ ඇවිදීමට යාමට එන ලෙස කීප වරක්ම ඉල්ලා සිටි නමුත් ඇය ඊට එකග වී නොමැත.

වාර කීපයක්ම ඒ වෙනුවෙන් බල කිරීම නිසා තරුණිය තරුණයා සමග අමනාප වී ඇති අතර, මේ හේතුව නිසා තරුණයා දැඩි සිත් තැව්ලකට පත්ව සිට තිබෙනවා.

සිද්ධිය වූ දිනයේදී තරුණයා සිය පෙම්වතියට දුරකතන ඇමතුම් කිහිපයක්ම ලබා ගත් නමුත්, ඇය පිළිතුරු ලබා නොදී අවසානයේදී දුරකතනය විසන්ධි කර ඇති බවටයි වාර්තා වෙන්නේ.

සිත්තැවුලට පත්වූ ඔහු එම ප්‍රදේශයේ ළිදකට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

ධර්මපුරම් පොලිසිය එම තරුණයාගේ මළ සිරුර ළිදෙන් ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා කිළිනොච්චිය රෝහලට බාර දී තිබුණා.

source :- https://tinyurl.com/ypw9v45d

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here