බුලත්සිංහල පොලිසියේ ත්‍රීරෝද රථය අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පොලිස් සැරයන්වරයෙකු මියගොස් තවත් කොස්තාපල්වරයෙකු සහ වරෙන්තුකරුවෙකු තුවාල ලබා තිබෙනවා.

සැකකරුවෙකු රැගෙන මතුගම අධිකරණය වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම ත්‍රී රෝද රථය අගලවත්ත, කැකුලන්දල ප්‍රදේශයේදී මාර්ගය පසෙක වූ කිලෝමීටර් කණුවක වැදී අනතුරට පත්ව තිබෙනවා.

එහිදී පොලිස් සැරයන්වරයෙකු මියගොස් තවත් කොස්තාපල්වරයෙකු සහ වරෙන්තුකරුවෙකුත් තුවාල ලැබූ බව‍යි අගලවත්ත පොලිසිය පැවසුවේ.

අනතුරින් මියගොස් ඇත්තේ බුලත්සිංහල පොලිසියට අනුයුක්ත නඩු මෙහෙයුම් රාජකාරියේ නිරත පොලිස් සැරයන් 7661 රෝහිත නැමැති නිලධාරියෙක්.

තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා සහ බුලත්සිංහල, තිබ්බොට්ටාවවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක් වන වරෙන්තුකරු ප්‍රතිකාර සඳහා පිඹුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ත්‍රීරෝද රථය පැදවූ කොස්තාපල්වරයාට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් අනතුරට හේතුව වන්නට ඇතැයි පොලිසිය සැක කරන්නේ.

ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

source :- https://tinyurl.com/48fb9s8n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here