කොළඹ, හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර අද (11) සහ හෙට (12) දිනවල රාත්‍රී 07:30 සිට රාත්‍රී 10:30 දක්වා වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරන්නේ.

පෙරහැර විහාරස්ථානයෙන් ආරම්භ වී ජිනරතන මාවත ඔස්සේ ගමන් කර හුණුපිටිය වැව පාරට හැරී රාමනායක මාවත හන්දියට පැමිණ රාමනායක මාවත ඔස්සේ ජේම්ස් පීරිස් මාවත හන්දිය දක්වා ගමන් කර ජේම්ස් පීරිස් මාවත ඔස්සේ අල්ටෙයාර් ඇවර්නිව් හන්දියෙන් දකුණට හැරී අල්ටෙයාර් ඇවනිව් ඔස්සේ ස්ටෙපල් වීදිය හන්දිය දක්වා ගමන් කර දකුණට හැරී ස්ටෙපල් වීදිය, බේබෘක් පෙදෙස, බේබෘක් වට රවුම, ජිනරථන මාවත ඔස්සේ නැවත ගංගාරාම විහාරස්ථානයට පැමිණිමට නියමිතයි.

මේ අනූව පෙරහැර පෙළ ගැසෙන අවස්ථාවේ රාමනායක මාවත හුණුපිටිය වැව පාර හන්දිය, ධර්මපාල මාවත පාර්ක් වීදිය හන්දිය, කොල්වින් ආර් ද සිල්වා මාවත (යූනියන් පෙදෙස) හයිඩ් පාර්ක් කෝනර් හන්දිය යන මාර්ග තාවකාලිකව වසා තබන බවයි පොලිසිය පවසන්නේ.

අනතුරුව පෙරහැර වීදි සංචාරය කරන අතරතුර බේබෘක් වට රවුමෙන් ජිනරථන මාවතට ඇතුළු වීම, ජේම්ස් පීරිස් මාවත ජිනරතන මාවත හන්දියෙන් ජිනරථන මාවතට ඇතුල්වීම, හුණුපිටිය වැව පාර රාමනායක මාවත හන්දියෙන් රාමනායක මාවතට සහ පන්සල දෙසට ඇතුල් වීම, රාමනායක මාවත ජේම්ස් පීරිස් මාවත හන්දිය, පිත්තල හන්දිය, පෙරහැර මාවත අල්විස් පෙදෙස හන්දිය, මුත්තයියා පාර, ස්ටෙපල් වීදිය හන්දිය, ස්ටෙපල් වීදිය අල්ටෙයාර් ඇවනිව් හන්දිය, නවම් මාවත, ජේම්ස් පීරිස් මාවත හන්දිය, යුනියන් පෙදෙස ස්ටෙපල් වීදිය හන්දිය, යුනියන් පෙදෙස ඩෝසන් වීදිය හන්දිය, පාර්ක් වීදිය හයිඩ් පාර්ක් කෝනර් හන්දිය දක්වා මාර්ග තාවකාලිකව වසා තබන බවයි පොලිසිය පවසන්නේ.

ජේම්ස් පීරිස් මාවත තාවකාලිකව වසා තබන අවස්ථාවේ එම මාර්ගය ඔස්සේ ධාවනය වන රථවාහන සඳහා විකල්ප මාර්ග ලෙස කොම්පඤ්ඤ වීදිය හන්දිය දෙසින් පැමිණෙන රථවාහන වලට යුනියන් පෙදෙස ලිප්ටන් වටරවුම ඔස්සේ ද ජේම්ස් පීරිස් මාවත නවම් මාවත හන්දියෙන් දකුණට හරවා නවම් මාවත ඔස්සේ ගමන් කර නවම් මාවත උත්තරානන්ද මාවත හන්දියෙන් වමට හැරී, උත්තරානන්ද මාවත ඔස්සේ රොටුන්ඩා වටරවුමෙන් ලිබර්ටි වටරවුම දෙසට ගමන් කළ හැකියි.

පිත්තල හන්දිය දෙසින් පැමිණෙන රථවාහනවලට ධර්මපාල මාවත, යුනියන් පෙදෙස ඔස්සේ ගමන් කළ හැකි බවයි පොලිසිය පවසන්නේ.

පෙරහැර ගමන් කරනු ලබන කාල සීමාව තුල පමණක් මාර්ගය වැසීමට කටයුතු කරනු ලබන අතර අවස්ථානුකූලව පෙරහැර වීදි සංචාරය සිදු නොවන සෑම ස්ථානයකින්ම හැකි උපරිම අයුරින් සාමාන්‍ය රථ වාහන ගමනාගමනය සඳහා ඉඩ ලබාදීම සිදු කරන බවද පොලිසිය දන්වනවා.

source :- https://tinyurl.com/4z5cs6ar

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here