
පසුගිය වසර කිහිපය තුළ දේශීයව වාහන එකලස් කිරීමේ කර්මාන්තය දැවැන්ත පෙරළියක් කළ කර්මාන්තයක් බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසනවා.
ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ කර්මාන්තශාලා ත්‍රිත්වයක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ වන විට දේශීය වශයෙන් වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලා 17ක්, වාහන උපාංග නිපදවන කර්මාන්ත 78ක් පවතින බවත් එම කර්මාන්ත හරහා සෘජු හා වක්‍ර රැකියා 20 000කට ආසන්න සංඛ්‍යාවක් නිර්මාණය වී ඇති බවයි ප්‍රකාශකර සිටියේ.

මේ වනවිට මෝටර් බයිසිකල් එකලස් කිරීමේදී 60% පමණ අගයක් දේශියව එකතුවන අතර මෝටර් රථවලට 25%ක පමණ අගයක් එකතු බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
TVS, BAJAJ, Hyundai, Proton, Cherry, JMC, Beijing වැනි ජාත්‍යන්තර සන්නාම රැසක් ලංකාව තුළ මේ වන විට එකලස් වන බව පවසන අමාත්‍යවරයා එමඟින් ඩොලර් මිලියන 450ක පමණ විදේශ විනිමයක් ලැබෙන බවත් ප්‍රකාශ කළා.
source :- https://tinyurl.com/2s3k96nh







