ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය තීරණයකර තිබෙනවා.

ඒ ජාතික ජනබලවේගයේ “ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ” ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමගාමීවයි.

ඒ අනුව එහි මූලික පියවරක් වශයෙන් විද්වත් කමිටුවක් පත් කිරීමට යෝජිත අතර එම කමිටුව පහත අංශ වලින් සමන්විතවනු ඇති.

1. නීතිපතිවරයා හෝ නීතිපතිවරයා විසින් නම් කරන නියෝජිතයින් දෙදෙනෙක්
2. අධිකරණ අමාත්‍යංශයේ ලේකම්
3. අධිකරණ සේවයේ උක්ත විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු
4. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා හෝ සභාපතිවරයා විසින් නම් කරන නියෝජිතයෙකු

යෝජිත ස්වාධීන අභිචෝදක කාර්යාලය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙම කමිටුව විසින් මූලික සැලසුම් සිදු කරනු ඇති බව සඳහන්.

එහි මුලික සංකල්ප පත්‍රිකාව කෙටුම්පත් කිරීමෙන් අනතුරුව මහජනතාවගේ සහ සිවිල් සංවිධානවල අදහස් ලබා ගැනීම සිදු කිරීමට කටයුතු කිරීමට ද අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය සැලසුම් කර තිබෙන බව සඳහන්.

source :- https://tinyurl.com/2r252bys

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here