
මෙක්සිකානු බොක්ක අමෙරිකානු බොක්ක ලෙස නම් කිරීම විධායක නියෝගයට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් අත්සන් තබා තිබෙනවා.
සිය නිල ගුවන් යානය අමෙරිකානු බොක්කට ඉහළින් ගමන්ගත් අවස්ථාවේ ට්රම්ප් මෙම අත්සන තැබීම විශේෂත්වයක්.
මෙරිකාවේ නිව් ඕර්ල්න්ස් හි පැවැත්වෙන සුපර් බෝල් තරගාවලිය නැරඹීමට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් ෆ්ලොරිඩා සිට නිව් ඕර්ල්න්ස් දක්වා ගමන්ගනු ලැබුවේ එරට ජනාධිපතිවරුන්ට හිමි නිල ගුවන් යානය වන Air Force One (එයාර් ෆෝස් වන්) ගුවන් යානයෙන්.

යානය මෙක්සිකානු බොක්කට ඉහළින් ගමන් ගත් අතර එහිදි ජනපති ට්රම්ප් සිය මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුව පරිදි මෙක්සිකානු බොක්ක, අමෙරිකානු බොක්ක ලෙස නම් කිරීමේ විධායක නියෝගයට අත්සන් තැබුවා.
source :- https://tinyurl.com/ynrt9u27








