ලංකා සතොසට අයත් ගබඩා 06 ක් අද (09) සිට වී මිලදි ගැනීම සඳහා විවෘත කිරීමට නියමිතයි.

ඊට අමතරව දැනට වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 36 ක් ද මේ සඳහා සුදානම් කර තිබෙනවා.

මේ අතර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන කියා සිටියේ, වී නිෂ්පාදනය කරන ප්‍රදේශවල පවතින කාන්තා සමිති සම්බන්ධ කරගෙන වී නිෂ්පාදනය කර වෙළඳපොළට යොමු කිරීමේ වැඩ පිලිවෙලක් සැලසුම් කර ඇති බවයි.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් පසුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

source :- https://tinyurl.com/3cxhh9vx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here