
වී මිලට සාපේක්ෂව සහල් මිල ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබදව රජයේ අවදානය යොමු කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින්.
වී සඳහා රජය පසුගියදා සහතික මිලක් ප්‍රකාශයට පත් කළේ මහ කන්නයේ වී අස්වනු නෙලීමේ කටයුතු ආරම්භ කර ඇති පසුබිමකයි.

පසුගිය 06 වැනිදා සිට වී අස්වනු මිලදී ගැනීම සඳහා රජයේ වී ගබඩා විවෘත කර ඇති බව වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළත් එම ගබඩා සඳහා ගොවීන් අදත් වී රැගෙනවිත් තිබුණේ නැහැ.
පොළොන්නරුව ප්‍රදේශයේ ගොවීන් පිරිසක් සදහන් කළේ, රජය ප්‍රකාශ කළ සහතික මිලට වී ලබා දීමට තමන් කටයුතු නොකරන බවයි.
මේ අතර පසුගියදා මෙරටට ගෙන්වූ, ලුණු මෙට්්‍රක් ටොන් 11,330 කර්මාන්ත සඳහා යොමු කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
source :- https://tinyurl.com/3z3nnbb2







