වසර 27 කට පසු දිල්ලි සභා මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගෙන තිබෙනවා.

ඒ අනුව අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂය ආකර්ෂණීය මැතිවරණ ජයග්‍රහණයක් අත්කර ගනිමින් රජයක් පිහිටුවනු ඇති.

ඉන්දීය මැතිවරණ කොමිසමේ දත්ත වලට අනුව, භාරතීය ජනතා පක්ෂය මන්ත්‍රීවරුන් 70 දෙනෙකුගෙන් යුත් ව්‍යවස්ථාදායක සභාවේ ආසන 47 ක් ජයග්‍රහණය කර ඉදිරියෙන් සිටින අතර, වත්මන් පාලක ආම් ආද්මි පක්ෂය ආසන 23 කින් ඉදිරියෙන් සිටිනවා.

ආසන 35 න් අඩකට වඩා දිනා ගන්නා පක්ෂයකට රජය පිහිටුවිය හැකි වනවා.

ලැබූ ජයග්‍රහණය පිළිබඳව අගමැති මෝදි, සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා.

ඒ මෙම ජයග්‍රහණය උත්තරීතර මිනිස් බලයේ ප්‍රතිඵලයක් වන බව සඳහන් කරමින්.

source :- https://tinyurl.com/wu42yyhz

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here