ඉදිරියේදී මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ටද ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීමට සැලසුම් කරන බව ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය පවසනවා.

අද (08) කොළඹදී පැවැති බිම්ස්ටෙක් ඩිජිටල් සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඔහු පැවසුවේ ඒ හරහා ඔවුන්ට වඩාත් පහසු සේවාවන් ලබා ගැනීමට හැකිවන බවයි.

මෙවර කොළඹදී පැවැති බිම්ස්ටෙක් ඩිජිටල් සමුළුවේ සමාරම්භක අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

සැමට සමෘද්ධිය සඳහා ඩිජිටල් පොදු යටිතල පහසුකම් ගොඩනැගීම යන්න මෙවර සමුළුවේ තේමාවයි.

source :- https://tinyurl.com/y4k8e2n7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here