වී මිලට සාපේක්ෂව සහල් මිල දෙගුණයකින් පමණ ඉහළ යන බැවින් ඒ පිළිබදවද රජය අවධානය යොමු කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසනවා.

මේ අතර පාලන මිල ඉක්මවා සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා මේ දිනවල පාරිභෝගික කටයුතු පිළිබදව අධිකාරිය පිටකොටුව වෙළෙඳසැල්වල වැටලීම් සිදු කරන අතර අදත් එම වැටලීම් සිදු කළා.

මේ අතරතුර කල් ඉකුත් වූ රට ඉඳි කිලෝග්‍රෑම් 220ක නිෂ්පාදිත දිනය වෙනස් කර අලෙවි කිරීමට සූදානම් කර තිබූ පිටකොටුවේ වෙළෙඳසැලක්ද වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබදව අධිකාරිය සමත් වුණා

මේ අතර රට තුළ පවතින පොල් හිගයට විසඳුමක් ලෙස පොල් කිරි, පොල් මද ආනයනය කිරීමට රජය තීරණය කිරීමත් සමග මාස 06ක කාළයක් සඳහා එම ආනයන සිදු කළ හැකි බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා

source :- https://tinyurl.com/3muvcnen

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here