
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බැවින් දැනට සියලුම ඉවත් කිරීම් නතර කර ඇති බවයි.
එමෙන්ම ගැටලුව මතු වීමට හේතුව වී ඇත්තේ ලියකියවිලිවල භූගත ගබඩා ගැන සඳහන් වී නොතිබීම බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
කින්ස් නෙල්සන් මහතා :

පොළොන්නරුව තෙල් ගබඩා සංකීර්ණය ගැන මේ කතා කරන්නේ. මේ ගැන ප්‍රදේශයේ ලොතු ආන්දෝලනයක් ඇතිවෙලා තියෙනවා. ඒත් තවමත් කිසිම ක්‍රියා මාර්ගයක් අරගෙන නෑ. එතැන පොළොවේ යට තියෙන ගබඩාත් ගලවගෙන ගිහිල්ලා තියෙනවා. උඩ ටැංකි දෙකට විතරයි ටෙන්ඩර් කැඳවලා තියෙන්නේ. පොළොවේ යට ටැංකි තිබුණා කියලා දන්නේ නැහැ කියලා ඛනිජ තෙල් සංස්ථාව කියනවා. ඒකෙ තිබුණ තෙල් ටැංකි විතරක් නොවෙයි ගොඩනැගිල්ලත් ගලවාගෙන ගිහිල්ලා.
අමාත්‍ය කුමාර ජයගොඩි :
ඒක අපේ පාලනයට පෙර ටෙන්ඩර් කරපු එකත්. සමීක්ෂණ කමිටුවේ නිර්දේශ වෙලා තියෙන්නේ ඉඩමේ තියෙන සියලුම දේවල් ගලවලා ඉවත් කරන්න. ඉඩම ශුද්ධ කරලා දෙන්න. භූගත ඒවා ගැන සඳහන් වෙලා නෑ. ඒක තමයි මෙතන ගැටලුව වෙලා තියෙන්නේ. භූගතඑකකුත් ගලවලා තියෙනවා. ඒක උඩට අරගත්තත් ඉවත් කරලා නැහැ. පොලිස් පරීක්ෂණය අවසන් වනතුරු ටෙන්ඩරය හරහා ඉවත් කළ යුතු දේවල් පවා මේ නිසා නතර කරලා තියෙනවා.







