
ඒ, අනුව ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් ගෙවීම් සිදු කිරීමේදී අමතර ගාස්තුවක් අයකළ හොත් කාඩ්පත අයත් බැංකුවට පැමිණිලි කිරීමට පාරිභෝගිකයන්ට හැකියාව පවතින බවත්, එහිදී අයකර කර ඇති වැඩිපුර මුදල අදාළ බැංකුව පාරිභෝගිකයාගේ ගිණුමට බැර කරනු ඇති බවත් ඔහු කියා සිටියා.
කෙසේ වෙතත් පැමිණිලි කරන විට අමතර ගාස්තුවක් අයකළ බවට පැහැදිලි සාක්ෂි සහිත ගනුදෙනුවේ රිසිට් පත් පාරිභෝගිකයා ඉදිරිපත් කළ යුතු බවද ඔහු අවධාරණය කළා..
ලංකාවේ වසරකට ඩිජිටල් ගනුදෙනු ලක්ෂ 16 ක් සිදුවන බවත්, ඉන් ලක්ෂ 8 ක් ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු බවත් ලක්ෂ 6 ක් ඩෙබිට් කාඩ්පත් ගනුදෙනු බවත් ඔහු පැවසුවා.

ඒ, අනුව ලංකාවට ඉතාමත් හොඳ ඩිජිටල් ගෙවීම් පද්ධතියක් තිබෙන බවද ඔහු පෙන්වා දෙනවා.







